
ඩිජිටල් සේවා බද්ද සම්බන්ධයෙන් වැරදි අර්ථකථන රැසක් සිදුවන බව, නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා.
ඒ අනුව, යම් ඩිජිටල් සේවාවක් සැපයීමේදී පිටරට සිට සේවා සපයන අයට කොටසක් සහ දේශීයව සේවා සපයන පුද්ගලයාට මුළු මුදලට බදු අය කිරීමක් සිදුවන බවට ඇතැම් වැරදි අර්ථකථන සිදුව ඇති බවයි, ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එවැනි කිසිඳු නිර්ණායකයක් නොමැති බවත්, බදු අය කිරීම සිදු කරන්නේ ඔවුන් සපයන සේවාවේ අගය පාරිභෝගිකයාට පැමිණෙන විට, ආණ්ඩුව වෙනුවෙන් එම සේවාවට බදු එකතු කර ගැනීමට ඔවුන් ලියාපදිංචි කිරීමක් පමණක් බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එලෙස ලියාපදිංචි කළ පසු, අදාළ සේවාව සැපයූ සමාගමේ ඉන්වොයිස් අගය මත බදු අය කිරීම සිදු කරන බවත්, පිටරට සමාගම්වලට මෙන්ම දේශීය සමාගම්වලටද ඩිජිටල් සේවා මත බදු අය කරන්නේ එකම ආකාරයෙන් බවත්, ඔහු ප්‍රකාශ කළා.
එසේම, Software සේවා මත බදු ගැසීමක් සිදු නොකරන බවත්, ඩිජිටල් වේදිකාවක් භාවිත කර සපයන සේවා වෙනුවෙන් බදු අය කිරීම සිදු කරන බවත්, අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
මෙහිදී අලුතෙන් බදු ගැසීම් සිදු කර නොමැති අතර, විදේශයන්හි සිට ඩිජිටල් වේදිකාවක් භාවිත කර සපයන සේවා ද බදුවලට ඇතුළත් කරමින් දේශීය සමාගම් සඳහා සම බිමක් නිර්මාණය කිරීම පමණක් සිදු කර ඇති බවයි, නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.




