
ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරවලින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් 06දෙනෙකු මියගොස් තිබේ.
එම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 14දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ගාසාහී සබ්රා ප්‍රදේශයේ කම්හලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත.
අදාළ ප්‍රහාර ඊශ්‍රායලය විසින් එල්ල කළ බව පිළිගෙන ඇති අතර ඔවුන් සදහන් කර ඇත්තේ යටිතල පහසුකම් ස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවය.
කෙසේවෙතත් පසුව ඊශ්‍රායලය විසින් හමාස්හි ආයුධ නිෂ්පාදන ස්ථානයකට ප්‍රහාර එල්ල කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.




