
රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කොළඹ නගර සභාවේ ආරක්ෂක නියාමකවරයෙකු සහ සංවර්ධන නිලධාරියෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ග අපරාධ පරීක්ෂණ පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් පසුගිය 15 වනදා මෙම වැටලීම සිදු කර ඇත. සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 554ක් සහ රුපියල් 91,940ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ.
අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ඇතුළු වීමට පැමිණි මෙම සුඛෝපභෝගී මෝටර් රථය පිළිබඳව ඇති වූ සැකයක් මත සිදු කළ සෝදිසි කිරීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බොරැල්ල, බේස්ලයින් මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සහ නඩු භාණ්ඩ කහතුඩුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.




