
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත පදනම්ව, රාජ්‍ය බදු ආදායම ඉහළ නැංවීම සඳහා මෙරට තුළ දේපළ බද්ද පිළිබදව අවධානය යොමුව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මූල්‍ය අරමුදල විසින් මීට පෙර ද අවස්ථා කිහිපයකදී මෙම බද්ද හඳුන්වා දෙන ලෙස නිර්දේශ කර තිබුණද, පසුගිය රජය මෙන්ම වත්මන් රජය ද එය ක්‍රියාත්මක කිරීම වරින් වර කල් දමනු ලැබීය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත මීළඟ ණය වාරිකය නිදහස් කිරීමට පෙර, රාජ්‍ය ආදායම පුළුල් කිරීමේ පියවරක් ලෙස මෙම දේපළ බද්ද බලාත්මක කළ යුතු බවට මූල්‍ය අරමුදල මේ වන විට අවධාරණය කර ඇති බව වාර්තා වේ.
මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති වුවද, පවතින ආර්ථික වැඩපිළිවෙළ යටතේ ඒ පිළිබඳව ඉදිරියේදී තීරණාත්මක පියවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.




