
ජපානයේ නිෂ්පාදිත ඩෙංගු එන්නතක් මෙරට ලියාපදිංචිය සඳහා අයැදුම් කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ අනුව “කිව්ඩෙංගා” නමැතිනමැති ඩෙංගු එන්නත මෙරට භාවිතයට සුදුසු ද යන්න පිළිබඳව සොයා බලා තීරණයක් ගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විශේෂඥ කමිටුවක් පත්කර තිබේ.
ජපානය විසින් නිෂ්පාදිත කිව්ඩෙංගා ඩෙංගු එන්නතට ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයා ඊයේ(20) අනුමැතිය ලබා දී ඇත.
ඉන්දියාව අනුමත කළ පළමු ඩෙංගු එන්නත මෙය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ එම එන්නත නිෂ්පාදනය කර ඇත්තේ ජපානයේ ටකිඩා බයෝෆාමසූටිකල්ස් නැමැති ඉන්දියානු සමාගමක් වීමයි.




