
අද (05) උදෑසන 8ට පමණ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ඒ අනුව තත්ත්පරයට ගණ අඩි 130ක ජල ධාරිතාවයක් මහවැලි ගඟට මුදාහැරීමට නියමිත බව කොත්මලේ ජලාශ භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා දැනුම්දී තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මේ හේතුවෙන් උලපනේ, ගෙලිඔය, ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල මහවැලි ගඟ දෙපස පහත්බිම්වල ජීවත් වන ජනතාවට වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද දැනුම්දී ඇත.




