
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩිකර නොමැති අතර ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගැලපීම හේතුවෙන් වැටුප යම් වැඩිවීමක් සිදුවී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පැවසීය.
ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

අපගේ WhatsApp චැනලය Follow කරන්න
“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප කිසිසේත්ම වැඩි කරලා නැහැ. නමුත් ඉන්ධන දීමනාව හිමි රජයේ නිලධාරීන්ට ලැබෙන මුදල වර්තමාන මිලට ගැලපුවා. රජය ඒ තීරණය ගත්තේ ආර්ථික තත්ත්වය යහපත් තත්ත්වයට පත්වීමත් එක්ක.”
“ඒ නිසා ඉන්ධන දීමනාව හිමි සියලුම රජයේ නිලධාරීන්ට වැටුපේ යම් වැඩිවීමක් ලැබිලා තියෙනවා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් යම් ප්‍රමාණයක් වැඩිවෙලා ඇති.”




