
ඉරානයට එරෙහිව තව දුරටත් හමුදා ප්‍රහාර එල්ල කිරීමට වඩා, ඔවුන්ට ආර්ථික වශයෙන් බලපෑම් එල්ල කිරීම සුදුසු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
ඉරානය සමඟ පවතින ගැටුමේදී දැනට වඩා ඉවසීමෙන් සහ අඩු පීඩනයක් යොදමින් කටයුතු කරන බව ද ඔහු පවසා ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඉරානය විසින් ප්‍රධාන තෙල් ප්‍රවාහන මුහුදු මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියේය.
මේ අතර, අමෙරිකාව තමුන්ට පනවා ඇති තෙල් සම්බාධක ඉවත් කරන තෙක් මුහුදු මාර්ගය විවෘත නොකරන බව ද ඉරානය පවසයි.




