
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා සිටි සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, ඇය ඊයේ (10) කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිකුත් කළ නියෝගයකට අනුවය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සැකකාරිය කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
විමර්ශනවල ප්රගතිය දැක්වෙන වාර්තාවක් ද පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.




