
දැනට පවතින එල් නිනෝ තත්ත්වය, පසුගිය වසර 75ක කාලය තුළ ලෝකයට බලපෑ ප්රබලතම එල් නිනෝ තත්ත්වය බවට පත්වීමේ දැඩි අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ, මෙම වසර අවසානය වන විට මෙය ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව 90%කට වඩා වැඩි බව ගෝලීය පුරෝකථන මගින් පෙන්වා දෙන බවයි.
1950 වසරේ සිට මේ දක්වා කාලය තුළ වාර්තා වූ එල් නිනෝ සංසිද්ධීන් සමඟ සැසඳීමේදී, මෙවර ඇති වී තිබෙන තත්ත්වය එම සියලු අවස්ථාවලට වඩා ප්‍රබල වීමේ සම්භාවිතාව 70%ක් පමණ වන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ එල් – නිනෝ තත්ත්වය ක්‍රම ක්‍රමයෛන් වර්ධනය වෙමින් පවතිනවා. මේ වසර අගවන විට ඉතා ප්‍රබල එල්නිනෝවක් වීමේ සම්භාවිතාව 90%කට වඩා වැඩි කියලා ගෝලීය පුරෝකතන පෙන්වා දෙන්නේ. මේ වසරේ ඇතිවන එල් – නිනෝ තත්ත්වය පහුගිය වසර 75ක, 1950 ඉදලා මේ දක්වා වගේ ඇතිවුණු එල් – නිනෝ සංසිද්ධීන් එක්ක සංසන්ධනය කරන කොට මෙම එල් – නිනෝ තත්ත්වය ඒ සියලුම එල් – නිනෝ තත්ත්වයන්ට වඩා ඉතා ප්‍රබල එල්නිනෝවක්වීමට තියෙන සම්භාවිතාව 70%කට ආසන්නව මේවන විට පුරෝතකනය වෙනවා”
මෙම තත්ත්වය හේතුවෙන් දිවයිනේ දකුණු දිග කොටසට දැඩි බලපෑමක් එල්ල නොවූවත්, උතුර, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාතේ සමහර කොටස්වලට ඉදිරි මාස දෙකක කාලය තුළ මෙහි බලපෑම තදින් දැනෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ වුවද, ජල සම්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගෙන ඇත.




