
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්තාන සම්බන්ධතා සහිත ත්‍රස්ත ක්‍රියාකාරීන් 200කට වැඩි පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

වසර ගණනාවකට පසු ක්‍රියාත්මක වූ විශාලතම ත්‍රස්ත මර්දන මෙහෙයුම ලෙස සැලකෙන මෙම වැටලීම පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සඳහන් කර ඇත්තේ, අගෝස්තු 12 වනදා ඉන්දියාවේ ප්‍රාන්ත 14ක් පුරා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කළ බවය.
සැකකරුවන්ගෙන් ගිනිඅවි, ජීව උණ්ඩ, පාකිස්තාන අවි ආයුධ නිෂ්පාදනාගාර සලකුණු සහිත අත්බෝම්බ සහ දේශීයව නිෂ්පාදිත බෝම්බ රැසක් සොයාගෙන තිබේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වමින් පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
ඉන්දියාවේ සිදුවන ප්‍රහාර සඳහා තම රටේ සහාය ලැබෙන බවට එල්ල වන චෝදනා පාකිස්තානය මීට පෙරද දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබුණි.
පසුගිය කාලසීමාවේදී ඉන්දියානු පාලනයේ පවතින කාශ්මීර කලාපයේදී පුද්ගලයින් 26 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම මුල් කරගනිමින් අසල්වැසි න්‍යෂ්ටික බලවතුන් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර දින කිහිපයක හමුදාමය ගැටුමක් ද හටගෙන තිබුණි.
ධ විමර්ශන කොට්ඨාශය (FCID) වෙත පැමිණියේය.




