
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසු සිදුවු ඛේදජනක ජීවිත හානි පිළිබඳව තමන් අතිශයින් කනගාටුවට පත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
X පණිවුඩයක් නිකුත් කරමින් නේපාල ජනතාව වෙත සිය බලවත් ශෝකය පලකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ශ්රී ලංකාව ගලවා ගැනීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහායවීමට සූදානමින් සිටින බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මාස 10කට පෙර සුළි කුණාටුවකින් තවමත් ගොඩඑන ජාතියක් ලෙස අප නේපාල ජනතාව සමඟ ශෝකය බෙදාගැනිමට සූදානම් බව සිය X ගිණුම මඟින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.




