
වත්මන් ආණ්ඩුව පන්නා නොදමන්නේ ඇයි කියා ජනතාව අපට දොස් කියනවා යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
“මේ ආණ්ඩුව වැඩක් නෑ එළවන්න කියලා අපට කියන්නෙත් මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය දුන් අයමයි. විශේෂයෙන්ම ගොවි ජනතාව වෙනුවෙන් කෘෂි විප්ලවයක් ඇති කිරීමට ලාල් කාන්තලා ඇතුළු පිරිස සමග රටේ ජනතාවම එකඟ වුණා. නමුත් ඒ කිසි දෙයක් ආණ්ඩුව කරන්නෙ නැහැ. එහෙම තියෙද්දිත් ආණ්ඩුව පලවා හරින්න ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි කියලා ජනතාව අපිට දොස් කියනවා. එහෙම නැතුව විපක්ෂය දුර්වලයි කියලා ජනතාව කියන්නේ නෑ. මේ වන විට ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ තමන්ට දුන් පොරොන්දු ඉටු නොකළ ආණ්ඩුව පලවා හැරීමටයි. ඒ සඳහා සියලු දෙනාම එකතු විය යුතුයි කියලයි ජනතාව කියන්නේ”




