
වත්මන් රජය යටතේ රට ආර්ථික ස්ථාවරත්වයක් කරා ගමන් කරමින් නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගෙමින් තිබීම පැරණි දේශපාලන කණ්ඩායම්වලට දරාගත නොහැකි වී ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.

ඔහු සඳහන් කළේ අතීතයේදී ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඇති කළ බවට චෝදනා එල්ල වූ විවිධ දේශපාලන පාර්ශ්ව පවා අද එකම වේදිකාවකට එක්ව ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන තත්ත්වයක් දක්නට ලැබෙන බවයි.
රට සංවර්ධනය කරා ගමන් කරමින් සිටින අවස්ථාවක එම ගමන අඩාල කිරීමේ අරමුණින් විපක්ෂය විවිධ පාර්ශ්ව එක් කරගනිමින් ආණ්ඩුව පෙරළා දැමීමට උත්සාහ කරන බවටද මන්ත්රීවරයා චෝදනා කළේය.
පැරණි දේශපාලන ක්රමයේ නටබුන් බවට පත්ව ඇති විපක්ෂයට වත්මන් ආණ්ඩුව යටතේ සිදුවන ප්රගතිය දෙස බලා සිටීමට නොහැකි වී ඇති බවද චන්දන සූරියආරච්චි මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.




