
විදුලි බල මණ්ඩලය සමාගම් පහකට වෙන්කිරීමට සැලසුම් කර ඇත්තේ ජනතාවට අඩු මිලට විදුලිය ලබාදීම සඳහා බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
දැනට විදුලිබල මණ්ඩලය බිලියන 200කට ආසන්න ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට ණය බවද ඇය පෙන්වා දෙයි.
විදුලිබල මණ්ඩලය එක් ආයතනයක් ලෙස පැවතීමෙන් එහි ඵලදායීතාවයට හානියක් වන බවත් ජනතාවට විදුලිය සැපයීමේදී අඩු මිලට එය සපයා දීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් ඇය කියා සිටියි.
සිරස රූපවාහිනී පැවැති වැඩසටහනකදී ඇය මෙම අදහස් පල කළාය.




