
පාතාල නායකයකු බව කියන ‘කෙහෙල්බද්දර පද්මේ’ ලෙස පෙනී සිටිමින්, මෙරට පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ දේශපාලනඥයන්ට මරණ තර්ජන කිරීමේ සිදුවීම් දේශපාලන කුමන්ත්‍රණයක් බවට සැක පළ කරන බව, පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක පොලිස් සංගමයේ කටයුතු කරන බවට විමර්ශන වලදී තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස ඉහළ පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමට හේතුව දේශපාලනමය කුමන්ත්‍රණයක් ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ වන විට ආරක්ෂක අංශයේ බොහෝ විශ්‍රාමික නිලධාරිහු දේශපාලන පක්ෂ සමග සම්බන්ධ වී වැඩ කරති.
ඩුබායි සිට තර්ජනය කළ බව කියන සැකකරුට දුරකතන අංක ලබාදෙමින් ඉහළ පොලිස් නිලධාරින්ට තර්ජනය කිරීම සඳහා උපදෙස් දී ඇත්තේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා බව, සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පාපෝච්චාරණය කර ඇති බව ද පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.




