
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවියට ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මේ හේතුවෙන් නාරාහේන්පිට පිහිටි දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණෙන ජනතාවට පෙර වේලාවක් වෙන්කරගෙන පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
කෙසේ වෙතත්, සයිබර් ප්‍රහාරයෙන් දෙපාර්තමේන්තුවේ වේලාවක් වෙන්කර ගැනීමේ පද්ධතියට (Appointment System) බලපෑමක් සිදුව නොමැති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා සඳහන් කර තිබේ.
ඒ අනුව, appointment.dmt.gov.lk වෙබ් ලිපිනය ඔස්සේ තවදුරටත් සේවා ලබාගැනීම සඳහා වේලාවක් වෙන්කරගත හැකි බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.




