
තම ආණ්ඩුව බලයට පත්වන විට සියයට 60-70ක් දක්වා ඉහළ ගොස් තිබූ උද්ධමනය 2025 වසර වන විට ඍණ අගයක් දක්වා පහත හෙළීමට සමත් වූ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
එම කාලයේ උද්ධමනය ඍණ මට්ටමක පැවතීම ආර්ථිකයට හිතකර නොවන බව ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දුන් බැවින්, පසුව එය යළිත් ධන අගයකට, එනම් සියයට දෙකකට වැඩි මට්ටමකට ගෙන ඒමට කටයුතු කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෑතකදී උද්ධමනය යළි ඉහළ යෑමට හේතුව මැදපෙරදිග යුද තත්ත්වය බවත්, මේ වන විට එය සියයට 8.3ක් දක්වා ඉහළ යෑම ආණ්ඩුවේ වරදක් නොවන බවත් ඔහු අවධාරණය කළේය.
යුද තත්ත්වය හමුවේ ඉන්ධන හා ගෑස් මිල ඉහළ යන අතර, ඒ සමඟ ප්‍රවාහන හා නිෂ්පාදන වියදම් ද වැඩි වන බව විජිත හේරත් මහතා පෙන්වා දුන්නේය. එවැනි වියදම් ඉහළ යෑමත් සමඟ උද්ධමනය වැඩි වීම සාමාන්‍ය ආර්ථික තත්ත්වයක් බවද ඔහු පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන 2027 අයවැය විවාදයට එක්වෙමිනි.




