
එළඹෙන දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානය සතු වර්ග අඩි 23000ක් ගොඩනැගිලි දෙකක් දින 14කට තාවකාලිකව වෙළදමේ කිරිමට ලබා දීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රු.ලක්ෂ 42,10000ක අමතර ආදායමක් උපයා ගැනිමට (05) දින හැකි වූ බව හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා පැවසීය.
හැටන් දුම්රයි ස්ථානය සතු දැනට භාවිතයට නොගන්නා වර්ග අඩි 20000ක නව දෙමහල් ගොඩනැගිල්ල සහ වර්ග අඩි 3000කින් සමන්විත හැටන් දුම්රිය විශ්‍රාම ශාලාව දිපාවලී උත්සව සමය වෙනුවෙන් වෙළදාම් කිරිමට ටෙන්ඩර් පත් කැදවු බවත්, එම ටෙන්ඩර් පත් (05) දින විවෘත කල අවස්ථාවේ නව දෙමහල් ගොඩනැගිල්ල රු.ලක්ෂ 40කටත්, හැටන් දුම්රිය විශ්‍රාම ශාලාව දෙලක්ෂ දසදහසකට අලෙවි කිරිමට හැකි වූ බවයි දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

ඉකුත් වසරේ නව ගොඩනැගිල්ල රු.1025000ක මුදලකටත්, විශ්‍රාම ශාලාව රු.74000කටත් අලෙවි වූ බවත්, ඒ අනුව මෙවර එම ගොඩනැගිලි බදු දීම තුන් ගුණයකින් වැඩි වී ඇත් බවයි දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
ටෙන්ඩර් පත් විවෘත කිරිමේ අවස්ථාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වානිජ අධිකාරි ඩබ්ලිව්.එච්. චන්දන, වෙළද සහ අලෙවි කළමණාකරු එච්.අයි. ජයතිලක, දිස්ත්‍රික් ප්‍රවාහන වානිජ අධිකාරි එච්.ටී. හීනැටිගල යන මහතුන් සහභාගි විය.



