
අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත පාසල් තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා අවශ්‍ය වන නිර්ණායක මාලාවක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.
පාසලක් තාවකාලිකව වසා දැමීමට යෝජනා කිරීමේදී අදාළ වන ප්‍රධාන නිර්ණායක දෙකක් අමාත්‍යාංශය විසින් දක්වා ඇත.
එක් ශ්‍රේණියක සිසුන් දස දෙනෙකුට වඩා අඩු වීම හෝ සමස්ත පාසලේම සිසුන් පනස් දෙනෙකුට වඩා අඩු වීම.

එම පාසල පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර පහක් ඇතුළත දුරකින්, වසා දැමීමට සලකා බලන පාසලට සමාන මට්ටමේ හෝ ඊට වඩා උසස් මට්ටමේ වෙනත් පාසලක් පිහිටා තිබීම.
අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති පාසල් ව්‍යුහ කටයුතු පිළිබඳ චක්‍ර ලේඛය සහ උපදෙස් සංග්‍රහය අනුව, කිසිදු සිසුවෙකුගේ අධ්‍යාපනයට බාධා නොවන බවට සහතික විය යුතුය. ඒ අනුව, වසා දැමීමට යෝජිත පාසලේ ඉගෙනුම ලබන සිසුන්, ඔවුන්ට පහසුවෙන් ළඟා විය හැකි සුදුසු විකල්ප පාසලක් වෙත ඇතුළත් කිරීම අනිවාර්ය වේ.
මෙම නිර්ණායකයන්ට අනුව පාසලක් තාවකාලිකව වසා දැමීම පිළිබඳව අවසන් තීරණ ගැනීමට සලකා බැලිය හැකි බලය පළාත් ව්‍යුහ කමිටුවට හෝ අධ්‍යාපන අමාත්‍යාංශ කමිටුවට පැවරී ඇත.



