
මේ රටේ රාජ්‍ය ආයතනවලින් සියයට හැටක් දූෂිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පෙරේදා පැවති වැඩමුළුවකදීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ස්වාධීනව වැඩ කිරීමට අවශ්‍ය සියලු බලතල පනතේ පවතින නමුත් බොහෝ දෙනෙකුට පනතේ සංකල්ප තේරුම් ගැනීමට නොහැකි බවද ඔහු කීවේය.
මේ නීති හදපු අයටද මෙම සංකල්ප තේරුම් ගැනීමට නොහැකි වීම අවාසනාවක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



