
ජාතික ජන බලවේග රජය සම්බන්ධයෙන් විපක්ෂයට ඇත්තේ කුහකකම සහිත අදහසක් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා සඳහන් කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
රට පුරාම අහුවෙන බොහෝ දෙනා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිතවතුන් ආධාරකරුවන් බවත් සමගි ජන බලවේගයේ අය සිටින්නේ කෙනෙක් දෙන්නකු පමණක් බවත් ඔහු ඔහු පෙන්වා දෙයි.
මේ රට ගොඩනැගීම විපක්ෂය කොතරම් කෙඳිරි ගෑවත් වැළැක්වීමට නොහැකි බවද පැවසූ ඔහු ජනතාවටත් ආණ්ඩුවටත් ඇත්තේ එකම අදහසක් බවද කියා සිටියේය.
වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය.



