
අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්රශ්න කරනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාට අයත් රුපියල් මිලියන 50ක වත්කම් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබෙනවා.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පසුගිය අගෝස්තු 30 වැනිදා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී අත්අඩංගුවට ගැනුණු කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් අගෝස්තු 31 වැනිදා දිවයිනට රැගෙන එනු ලැබු අතර ඒ ඔස්සේ සිදුකරන විමර්ශනවල ප්රතිඵලයක් ලෙසින් වැදගත් තොරතුරු ගණනාවක් හෙළිකර ගැනීමට පොලිසිය සමත්ව සිටිනවා.




