
පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනාදන් මහතා තම පුද්ගලික ආරක්ෂාවට කඩුවක් ළඟ තබාගෙන ගමන් බිමන් යාමට කටයුතු කරමින් සිටී.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඔහු සඳහන් කරන්නේ තමන්ට ජීවිත තර්ජන තිබුණත් ආණ්ඩුවෙන් ආරක්ෂාවක් ලබාදී නොමැති නිසා තමන් මෙම පියවර ගත් බවයි.
මේ පිළිබඳව කතානායකවරයාටත් පොලිස්පතිවරයාටත් දැනුම්දී ඇති බවද ඒ මහතා පැවසීය.
තම ඉල්ලීම අවස්ථා දෙකකදීම ලිඛිතව ඉල්ලා සිටියද ඊට ආණ්ඩුවෙන් කිසිදු ප්රතිචාරයක් නොලැබෙනු බවද කී මන්ත්රීවරයා තමන්ට පිස්තෝලයක් ලබා නොදීම හේතුවෙන් මෙම පියවර ගත් බවද කියා සිටියේය.
තමන්ගේ ආරක්ෂාවට කඩුවක් ළඟ තබාගෙන සිටින බවත් එය තමාගේ මෝටර් රථයේ ද නිතරම තිබෙන බවත් ඔහු තවදුරටත් පැවසුවේය.




