
හෙරොයින් සහ ‘අයිස්’ (ස්ඵටික මෙතම්ෆෙටමින්) කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි ශ්‍රී ලාංකික ධීවරයන් හයදෙනෙකු සහ ධීවර යාත්‍රාවක් මාලදිවයින් වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සපයන ලද බුද්ධි තොරතුරු මත පදනම්ව මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය ‘දෙහිබාලේ මල්ලි’ ලෙස හඳුන්වන මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට සම්බන්ධ බවට චෝදනා එල්ල වන බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.




