
ගාල්ල බන්ධනාගාරය දැනට පවතින ස්ථානයෙන් ඉවත්කිරීම පිළිබඳව ඊයේ (11) පැවැති ගාල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඉතා ඉහළ වානිජමය වටිනාකමක් ඇති මෙම බන්ධනාගාරය පිහිටි ඉඩම ගාල්ල නගර සංවර්ධනයට යොදාගත හැකි බව යෝජනාව ඉදිරිපත් කරමින් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති නලින් හේවගේ මහතා පැවැසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ නලින් හේවගේ මහතා,
“මේ ස්ථානය වානිජ වටිනාකමක් ඇති ස්ථානයක්. අක්කර 4ක විතර ඉඩමක්.
ඉදිරියේ දී බන්ධනාගාරයේ අය උසාවි යන එක නතර වෙනවා. තව කාලයක් යනකොට එම කටයුතු ඩිජිටල් ක්රමයෙන් සිදුවෙනවා.
ඒ නිසා බන්ධනාගාරය ටිකක් ඈතින් තිබුණා කියලා ලොකු ගැටලුවක් නෑ. මේ පිළිබඳ ඇමතිතුමා එක්කත් සාකච්ඡා කළා” යැයි පැවසීය.




