
රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී, ශාන්ත පද්ම කුමාර මහතා සහ සූරීකන්ද පොලිසියේ නිලධාරියකු අතර ඇති වූ බව කියන ගැටුම සම්බන්ධ පොලිස් නිලධාරීවා ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ සාපරාදී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ශාන්ත පත්ම කුමාර මහතා මහතා ඇතුළු පිරිසක් තමන්ට පහර දුන් බව පවසමින් මෙම පොලිස් නිලධාරියා රෝහල්ගතව සිටියේය.
ශාන්ත පත්ම කුමාර මහතා ද පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත්තේ පොලිස් නිලධාරියා විසින් තමන්ට පහර දීමට උත්සාහ කළ බවයි.
ඒ ඔස්සේ පරීක්ෂණ සිදු කරන ලද පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.




