
පීඩාකාරී අවි ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන දින 30 කාලයක් රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්රි ආරච්චි මෙම මස 27වෙනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් කේ.එම් .ජේ. පි. සමරසිංහ මහතා නියෝග කළේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
සැකකාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට වෛද්‍ය පහසුකම් හා අවශ්‍ය ආරක්ෂාවද ලබා දෙන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය
ඒ විත්තිකරු වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරුන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
සැකකාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සන්තකයේ ටි 56 ගිනි අවියක් තිබෙන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ බුද්ධි ඒකකයේ නිලධාරීන් වෙත ලද රහසිගත තොරතුරක් අනුව අත්අඩංගුවට ගත්තේය




