
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානිසුරේෂ් සලේ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
දැඩි ආරක්ෂක විධිවධාන මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මොහු අධිකරණයට රැගෙන විත් තිබෙන අතර සුරේෂ් සලේ මහතා සම්බන්ධ නඩුකරය අද (20) දහවල් කැඳවීමටද නියමිතව ඇත.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සුරේෂ් සලේ මහතා ඉකුත් පෙබරවාරි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේ.
ඉන් අනතුරුව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්රශ්න කිරීම සිදු කෙරේ.




