
ලබන ජනවාරි මාසයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සිදු වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී පැවසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
අදියර තුනකින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරිම් සිදු කර තිබෙන බව කී ජනාධිපතිවරයා තව විශාල ලෙස විසදිය යුතු ප්‍රශ්න තිබෙන බව කීය.
” අපිට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අපේ පොලිසිය, ත්‍රිවිධ හමුදාව, දිසාපතිවරයාගේ සිට පහළට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. රාජ්‍ය සේවයේ පුරප්පාඩු පුරවමින් අදාළ බඳවා ගැනීම් සිදු කරනවා යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ මඩකලපුව වෙබර් ක්‍රිඩාංගණයේ අද (20) පැවති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන “රටම එකට” මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක් වෙමිනි.




