
2029 වසරේදී තමන් වුවද මේ රටේ ජනාධිපති විය හැකි බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
තමන් ඒ සඳහා සුදුසුකම් සපිරා ඇති නමුත් තීන්දුවගත යුත්තේ ජනතාව බවද හෙතෙම අවධාරණය කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
කෙසේ හෝ තමන් එම ධුරයට පත්වුවහොත් IMF ගිවිසුමින් ඉවත්වී රුසියාව, චීනය සහ ඉන්දියාව ආදී රටවල් සාමාජිකත්වය දරන BRICS සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන ඔවුන්ගේ ආධාරයෙන් ආර්ථික ගැටලුවට විසඳුම් ලබා දෙන බවද විමල් වීරවංශ ප්‍රකාශ කරයි.
මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ඊළඟට පත්විය යුත්තේ රනිල් වික්‍රමසිංහ මාවතේ ඉදිරියට යන නායකයෙකු නොව විකල්ප මාවතකට පිවිසිය හැකි නායකයෙකු බවයි.




