
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු විස්සයි20 ක්රිකට් තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට බ.ඉ. කොදෙව් කණ්ඩායම සමත් විය.
මෙම ජයත් සමග තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස කොදෙව්වන් පෙරමුණ ගත්තේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ජැමෙයිකාවේ කිංග්ස්ටන්හිදී පැවති මෙම තරගයේ ශ්රී ලංකාවෙන් හිමිවූ ලකුණු 148ක ඉලක්කය, කඩුලු 3ක් පමණක් දැවී තිබියදී තරගයේ අවසන් පන්දුවාරයේදී (19.2) පසුකර යෑමට කොදෙව් පිතිකරුවන් සමත්වූහ.
එහිදී නායකත්වයේ ඉනිමක් ක්රීඩාකල ෂේ හෝප් පන්දු 54කට මුහුණදෙමින් ලකුණු 65ක් රැස්කළේය.
ශ්රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 32කට කඩුලු 2ක් දවාගත්තේය.




