
පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි ක්‍රම සම්බන්ධ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ඒ සම්බන්ධව අධ්‍යයනයට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පළාත් සභා ක්‍රමවේද හතරකට පැවැත්විය හැකි බව කාරක සභාව හමුවේ ප්‍රකාශ වී ඇති බව එම සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා කීවේය
පෙර පැවැති පළාත් සභා මැතිවරණ ක්‍රමය, එම ක්‍රමයට කාන්තා හා තරුණ නියෝජනය ඇතුළත් කර මැතිවරණය පැවැත්වීම, සීමා නිර්ණය ගැටළු හේතුවෙන් පාර්ලිමේන්තුවේ අතර මඟ නවතා දමා ඇති පළාත් සභා මැතිවරණ ක්‍රමය හා නව සීමා නිර්ණය වාර්තා පදනම් කරමින් සකස් කරන ක්‍රමය පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති ක්‍රම හතර වේ.




