
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සතු බුද්ධි තොරතුරු ඔහු විශ්‍රාම ගන්නා විට භාර දිය යුතු බවට, මෝඩ දේශපාලනඥයන් විසින් ප්‍රකාශ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
තොරතුරුකරුවන් සෑම පුද්ගලයකුටම තොරතුරු ලබා නොදෙන බවත්, තමන්ට විශ්වාසවන්ත අයට පමණක් තොරතුරු ලබා දෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මිලේනියම් සිටි පාවාදීමේදී හමුදා බුද්ධි අංශ සතුව තිබුණු තොරතුරුකරුවන් පිළිබඳ විස්තර පොලීසියට ලබාදීම නිසා පුද්ගලයන් 73 දෙනෙකුගේ දිවි අහිමි වූ බව පෙන්වා දුන් හිටපු මන්ත්‍රීවරයා, එවැනි අවාසනාවන්ත සිදුවීමක් යළි සිදු නොවීමට සුරේෂ් සලේ සතු තොරතුරු ඔහු දිවි හිමියෙන් ආරක්ෂා කරනු ඇති බවයි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.




