
අපරාධ කල්ලි සාමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීම ඇතුළු විවිධ චෝදනා එල්ල වී සිටි පොලිස් නිලධාරින් 1000 කට වැඩි පිරිසක් ගෙවුන කෙටි කාලය තුළ සේවයෙන් ඉවත් කර ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
විවිධ වැරදි සම්බන්ධයෙන් සිදු කල විධිමත් විමර්ශනයකින් පසු මෙම නිලධාරින් සිවින් ඉවත් කළ බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා පැවසිය.
මෙම නිලධාරින් රැකියාව කරන අතරතුර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීම, අපරාධ කල්ලි සාමාජිකයින් සමග සබඳතා පැවැත්වීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වු ආයෙ බව ඔහු අනාවරණය කළේය.
මෙවැනි තවත් පොලිස් නිලධාරීන් පිරිසක් සම්බන්ධවන් තවදුරටත් විමර්ශන ආරම්භ කර තිබෙන බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.




