
අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ශුක්රාණු පිස දැමූ බවට බාල වයස්කාර දැරිය විසින් පෙන්වන ලද පාපිස්සෙහි එම හිමියන්ගේ ශුක්රාණු තිබුණු බවට රස පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇතැයි රජයේ රස පරීක්ෂකවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති රස පරීක්ෂණ වාර්තාව මගින් අදාළ පාපිස්සෙහි දෙපැත්තෙහිම සැකකාර හිමියන්ගේ ශුක්රාණු පැවති බව දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ අතර, පොලිසිය විසින් අදාළ අපරාධ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයේදී පොලිස් භාරයට ගෙන නඩු භාණ්ඩයක් ලෙස නම් කර, රස පරීක්ෂකවරයා වෙත යොමු කළ හිස කෙස් කොටස වින්දිත දැරියගේ නොව වෙනත් කාන්තාවකට අයත් එකක් බවයි රජයේ රස පරීක්ෂකවරයා සිය රස පරීක්ෂණ වාර්තාවෙන් තවදුරටත් දක්වා ඇත්තේ.
වින්දිත බාලවයස්කාර දැරිය පෙන්වන ලද ආවාස ගෙයි ඇඳ පාමුල තිබියදී හමුවූ අදාළ පාපිස්ස, නිට්ටඹුව පොලිසිය විසින් ස්වකීය ස්ථාන පරීක්ෂණයේදී සිය භාරයට ගෙන අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබුණු අතර, පාපිස්සෙහි රුධිරය හඳුනා ගැනීමක් සිදු නොවූ බව ද අදාළ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වෙනවා.
අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බාල වයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික හිංසනයට ලක් කළ බව කියන සිද්ධියට අදාළව අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ පවතින බී 22424/ 2026 අංක දරන නඩු ගොනුවට අදාළ රස පරීක්ෂක වාර්තාව නිල ලේඛනයක් ලෙස ගොනු කරමින් රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට මෙලෙස දැනුම් දී තිබුණා.
මෙම රස පරීක්ෂක වාර්තාවේ පිටපතක් රජයේ රස පරීක්ෂකවරයා විසින් නීතිපතිවරයාට ද යොමු කර තිබුණා.
අපරාධ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයට රැගෙන ගිය අවස්ථාවේදී දැරිය ආවාස ගෙයට ගමන් කර, සැකකාර පල්ලේගම හිමියන් සැතපෙන ආවාස කුටිය පෙන්වා, එම කුටිය තුළදී ඇය බරපතළ ලිංගික හිංසනයකට ලක් කරනු ලැබූ බව පැවසූ බවත්, එහිදී සැකකාර හේමරතන හිමියන්ගේ ශුක්රාණු පිස දැමූ බව කියන පාපිස්ස සහ කාන්තාවකගේ දිගු හිස කෙස් සිය භාරයට ගත් බවත් නිට්ටඹුව පොලිසිය විසින් 2025/05/21 වන දින අධිකරණයට ඉදිරිපත් කර ඇති වැඩිදුර වාර්තාවේ සඳහන් වනවා.
චෝදනා ලැබ සිටින සැකකාර පල්ලේගම හේමරතන හිමියන් අධිකරණය මගින් නියම කළ දැඩි ඇප කොන්දේසි මත දැනට පසුවන අතර, අධිකරණය මගින් එම හිමියන්ට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.
මෙම සිද්ධියට අදාළ නඩුව 2027 වසරේ ජනවාරි මස 08 දින දක්වා නීතිපති උපදෙස් සඳහා කල් තැබීමට අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සියපත් සසිඳු වික්රමරත්න නියෝග කර තිබෙනවා.




