
දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් 38කට අද (21) දින නිවාඩු ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මෙම තත්ත්වය හමුවේ පාසල් පවත්වාගෙන යාමේ බලය අධ්‍යාපන බලධාරීන්ට පවරා ඇති බවය.
ඒ අනුව අද උදෑසන 9.00 වන විට මධ්‍යම පළාතේ පාසල් 35ක්, සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වල එක් පාසල බැගින්ද සමස්ත පාසල් 38ක් අද දින නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.




