
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

ඒ අනුව කථානායකවරයා විසින් අදාළ තීරණය ඉදිරියේ දී පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇත.
පසුගිය අගොස්තු මස 18වනදා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
අනතුරුව එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වූ අතර ඒවා විභාග කළ අගවිනිසුරුවරයාගේ සභාපතීත්වයෙන් යුත් පංචපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ තීරණය කථානායකවරයා වෙත යොමු කරන බවය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිලිබද පාර්ලිමේන්තු විවාදය එලබෙන 24 සහ 25 යන දිනවලදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිලිබද කාරක සභාව පසුගියදා තිරණය කරනු ලැබීය.




