
බඩඉරිඟු ආනයන කිරීමට අවසර දීම ප්රමාද වීම මඟින් ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාහැකි බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ සතුන්ගේ ආහාර සඳහා බඩඉරිඟු වෙනුවට සහල් ලබාදීම මඟින් කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය සීග්රයෙන් පහළ වැටෙමින් පවතින බවය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
බඩඉරිඟු හිඟවීම හේතුවෙන් සුළු පරිමාණ කර්මාන්තකරුවන් සියයට 20 පමණ පිරිසක් කර්මානතයෙන් ඉවත්වී ඇති බවද අජිත් ගුණසේකර පවසයි.




