
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව සිදුකෙරෙන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධ විමර්ශනයකට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරන් දෙදෙනෙකුට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.
අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ අධ්යක්ෂ (පරිපාලන) මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකර ඇත.
ඒ අනුව අදාළ රියදුරන් දෙදෙනා නොවැම්බර් 18 සහ 19 යන දිනවලදී කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

පාර්ලිමේන්තුව සතු ‘NC 4923’ දරන වාහනය භාරගැනීම, එම රථය යොදාගෙන සිදුකළ නිල රාජකාරි සහ ධාවන සටහන්වල සාරාංශ මෙන්ම මේ වසරේ ජනවාරි 07 වැනිදා එම රථය අනතුරට ලක්වීම සම්බන්ධ සියලුම ලිපිලේඛන ද රැගෙන පැමිණෙන ලෙස රියදුරන්ට දැනුම් දී තිබේ.
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ ආරම්භ කර ඇති මෙම විමර්ශනයට පදනම් වී ඇත්තේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් පසුගිය පෙබරවාරි 02 වැනිදා අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකි.
කථානායක ධුරය සඳහා නිල වශයෙන් වාහන දෙකක් පමණක් හිමිවන පසුබිමක, නිසි අනුමැතියකින් තොරව මාධ්‍ය අංශයක් පිහිටුවා එම අංශය සඳහා පාර්ලිමේන්තුවට අයත් වාහනයක් නීතිවිරෝධී ලෙස ලබාගෙන ඇති බවට කුලරත්න මහතා සිය පැමිණිල්ලෙන් චෝදනා කර තිබේ.
එමෙන්ම, කථානායකවරයාගේ කටයුතු සඳහා යොදවා තිබියදී අනතුරට ලක්වූ අදාළ වාහනය අලුත්වැඩියා කිරීමේදී රක්ෂණ වන්දියට අමතරව පාර්ලිමේන්තු අරමුදල් ද වැය කර ඇති බවට කරුණු ඉදිරිපත් වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මීට පෙර පාර්ලිමේන්තු ප්‍රවාහන අංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.




