
අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන්කරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි පාර්ශ්වය මෙවර අධ්‍යාපනය සඳහා වෙන්කර ඇත්තේ පසුගිය වසරටත් වඩා අඩු ප්‍රතිශතයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.
‘අධ්‍යාපනයට 6%ක්’ යනුවෙන් සඳහන් ස්ටිකර් සහිත ටීෂර්ට් පැළඳ ඒ වෙනුවෙන් සටන් කළ අගමැතිනිය සහ අධ්‍යාපන අමාත්‍යවරිය යටතේ මෙවැනි තත්ත්වයක් ඇතිවීම කනගාටුවට කරුණක් බවද ඔහු පෙන්වා දෙයි.

අධ්‍යාපන අයවැය ගැන ගුරු සංගමයෙන් විවේචනයක්
අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන්කිරීමේ පොරොන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝෂප් ස්ටාලින් සඳහන් කළේ, මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කර ඇති ප්‍රතිශතය පසුගිය වසරට සාපේක්ෂව අඩු වී ඇති බවයි.
එමෙන්ම, මේ දිනවල විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු සහනයක් ලබා නොදෙන බවට අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයද ඉතා බරපතළ බව ඔහු අවධාරණය කළේය.
ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට සහන නොලැබීම ගැන විරෝධය
අයවැය යෝජනාවලිය යටතේ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට කිසිදු සහනයක් ලබා නොදීමට විරෝධය පළ කරමින් කැඳවූ මාධ්‍ය හමුවකදී ජෝෂප් ස්ටාලින් මෙම අදහස් පළ කළේය.




