
කාවන්තිස්ස ඇතාගේ මරණයට ප්‍රධාන හේතුව ලෙස දිගු කලක් තිස්සේ පැවති පාචන තත්ත්වයක් උත්සන්න වීමෙන් හටගත් සංකූලතා හඳුනාගෙන ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.
පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාව උපුටා දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
ඇතාගේ සිරුරේ වෙඩි වැදීමෙන් ඇති වූ සලකුණු කිහිපයක් නිරීක්ෂණය වී තිබුණද, එම වෙඩි ප්‍රහාර මරණයට සෘජුවම හේතු වූ බවට වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි තහවුරු වී නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම, සිරුරේ දක්නට ලැබුණු තවත් තුවාල කිහිපයක් අනෙකුත් වනඅලින් සමඟ ඇති වූ ගැටුම් හේතුවෙන් සිදුවන්නට ඇති බවට සැක කෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
මෙරට වනජීවී වාර්තාවලට අනුව, දිවයින පුරා දැනට වාසය කරන දළ ඇතුන් සංඛ්‍යාව 300කට ආසන්නය. ඉන් දැඩි ජීවිත අවදානමකට ලක්ව සිටින සතුන් ලෙස නිල වශයෙන් හඳුනාගෙන ඇත්තේ ඇතුන් 17 දෙනෙකු පමණක් බව අමාත්‍යවරයා පවසයි.
කෙසේ වෙතත්, පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ දළ ඇතුන් 30කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටත් දැඩි තර්ජනයකට මුහුණ දී සිටින බවයි.




