
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා සිය වත්කම් බැරකම් ප්‍රකාශයේ තමා සතුව කිසිම වත්කමක් නොමැති බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.
එම වත්කම් ප්‍රකාශය ලබා දී ඇත්තේ 2025 ජුලි 31 වෙනි දින වන අතර එමගින් ආවරණය වන කිසිවෙකුට මෙරට හෝ පිටරට කිසිදු දේපළක් නැත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ අනුව ලක්ෂ්මන් නිපුණ ආරච්චිට හෝ ඔහුගේ බිරිඳට නිවාස, ඉඩම්, යාන වාහන, රන් ආභරණ, බැංකු මුදල්, ඩිජිටල් මුදල්, දේපළ කුළී, ව්‍යාපාර ආදායම් කිසිවක් නොමැත.
ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු මෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වෙයි.




