
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අර්ථසාධක අරමුදලේ රීතිවලට පටහැනිව රුපියල් කෝටි හයකට වැඩි අධ්‍යාපන ණය සහ රුපියල් කෝටි 662 කට ආසන්න වටිනා දේපල ණය 2024 වර්ෂයේදී ලබාදී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව )තොරතුරු අනාවරණය විය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
නියමිත ක්‍රමවේදයෙන් බැහැරව අධ්යක්ෂ මණ්ඩලයේද කම්කරු කොමසාරිස්වරයාගේ සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේද අනුමතියකින් තොරව සහ 2003 අර්ථසාධක අරමුදල් රෙගුලාසිවල සංශෝධන ගැසට් නිවේදයකින් ප්‍රකාශයට පත් නොකර මෙම ණය ලබාදී තිබූ බව එම කමිටුව පවසයි.
වහාම මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝපා කමිටුව නිර්දේශ කර ඇත.




