
තම පක්ෂයේ වෘත්තීය සමිති පසුගිය වසර ගණනාව තුළ රටේ සංවර්ධණය පද්ධතිය විනාශ කළ බවට එල්ල කරන චෝදනා දැඩි ලෙස ප්රතික්ෂේප කරන බව සියත රූපවාහිනී නාලිකාවේ පැවති දේශපාලන සංවාදයකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
සංවාදයේදී නිවේදකයා විසින් මතු කලේ පසුගිය 76 වසර තුල රට හදන්න උත්සාහ කළද ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ඇතුළු කණ්ඩායම විසින් සම්පූර්ණ පද්ධතියම විනාශ කර දැමූ බවත් මේ හේතුවෙන් එය තවදුරටත් කරගෙන යන්න බැරි තැනකට පැමිණ ඇති බවටත් චෝදනා එල්ල වන බවත්ය.
කෙසේ වෙතත් මේ මොහොතේ රට හදන්නට ඉඩ දීම සඳහා තමන් නිශ්ශබ්ද වී සිටින බවට විපක්ෂය පවසන බවත් නිවේදකයා ප්රකාශ කළේය.

ඊට ප්රතිචාර දැක්වූ ටිල්වින් සිල්වා මහතා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති කවදාවක්වත් මේ රටේ රටට හානිකර කිසිවක් කරලා නැහැ යන ස්ථාවරයේ සිටියේය.
ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ රටට අවාසියක් වන තීරණවලට ඔවුන් විරුද්ධ වී නැති බවයි.
කෙසේ වෙතත් රටට විරුද්ධව තීරණයක් ගන්නේ නම් උදාහරණයක් ලෙස රාජ්ය ආයතනයක් විකුණන්න ලෑස්තිවන්නේ නම් ඒ වැනි අවස්ථාවකදී විරුද්ධ වී ඇති බව ඔහු පැවසීය.
වැඩ වර්ජන සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු පසුගිය වසර ගණනාව තුළ තම සංවිධානය ස්ට්රයික් කිසිසේත් කර නොමැති බවත් පැවතියේ උද්ගෝෂණ වැනි දේ පමණක් බවත් පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන් යම් යම් තැන්වලදී පෞද්ගලික ආයතන වල පවා මැදිහත්වීමක් සිද්ධ වුණා යැයි චෝදනා ඇති බවට නිවේදකයා කළ ප්රකාශයට ටිල්වින් සිල්වා මහතා ප්රතිචාර දැක්වූයේ ඒවා චෝදනා පමණක් බව පවසමිනි.
ඒ මහතා අභියෝග කර සිටියේ තම සංවිධානය විසින් විනාශ කළ එක ආයතනයක් හෝ නම් කරන ලෙසයි.




