
වෛද්‍යවරුන් හා නීතිඥවරුන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ වාහනවල අලවා ඇති ස්ටිකර් ඉවත් කිරීමට රජය තීරණය කර නැති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
සිය ආයතන වලට පිවිසීමේදී එවන් හඳුනා ගැනීමේ ස්ටිකරයක් තිබීම පහසුවක් බවත් එනිසා එවන් ලංඡන ඉවත් කිරීමට බලාපොරොත්තුවක් නැති බවද ඇමතිවරයා පැවසීය.
පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්න පැනයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.




