
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දෙනෙකුට ලැබුණු එංගලන්ත ගුවන් ගමනක් අවභාවිතා කර ඇමතිවරුන් හතර දෙනකු ව්යාපාරික පන්තියේ එරටට ගොස් ඇති බව කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ මහතා සඳහා පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එංගලන්තයෙන් ලැබුණු සාමාන්ය පන්තියේ ගුවන් ටිකට්වත් අමාත්යවරුන් විසින් ගුවන් යානය ඇතුළතදී විදුලි එලි නිවා ව්යාපාරික පංතියට මාරු කරගෙන ඇති බවත් හෙතෙම චෝදනා කරයි.
ශ්රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබමින් ඇති පසුබිමක අමාත්යවරුන් මේ ආකාරයෙන් එය තවදුරටත් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදු කළ යුතු බවත් හෙතෙම කියා සිටී.
මන්ත්රීවරුනට ලැබෙන ආරාධනා පත්ර ගුවන් ටිකට් පත් පාර්ලිමේන්තුව විසින් පරීක්ෂා කළ යුතු බවද මන්ත්රීවරයා අයවැය විවාදයට එක්වෙමින් කියා සිටියේය.




