
අද ක්‍රියාත්මක වෙන්නේ “ටොම්පච ආණ්ඩුවක්” බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ජනතාවට දුන් පොරොන්දු කිසිවක්ම ඉටු නොකිරීම පිළිබඳවද ඔහු ආණ්ඩුවට චෝදනා කරයි. මේ අදහස් ඔහු පවසා තිබෙන්නේ අධිකරණ සහ විදේශ කටයුතු අමාත්‍යාංශ මුදල් වෙන්කිරීම් විවාදය අතරතුරයි.
“මේ රජය මුල අමතක කරලා,” කියා විපක්ෂ නායකවරයා පැවසූ අතර, මාලිමාවට ඡන්දය දුන් ගුරුවරුන් පවා අද අමතක කර ඇති බවද ඔහු පැවසීය. ගුරු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා තීරණය කළ තුනෙන් දෙකේ වැඩිවීමත් මෙතෙක් කර නොමැති බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.




