
අසනීප තත්ත්වයෙන් පසුවන ක්රිකට් කණ්ඩායම් නායක චරිත් අසලංක සහ වේග පන්දු යවන ක්රීඩක අසිත ප්රනාන්දු යන දෙදෙනාම නැවත සිය මව්බිමට පැමිණෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය දැනුම් දී තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ අනුව හෙට (18) සිට ආරම්භ වීමට නියමිත පාකිස්තානයට සහ සිම්බාබ්වේට එරෙහිව පැවැත්වෙන තුන්කොන් තරගාවලියට සහභාගී වීමට ඔවුන්ට නොහැකි වනු ඇත.
අසලංක නොමැති බැවින්, දසුන් ශානක ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.




