
ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පක්ෂ කාර්යාලයටත් එහි ලේකම්ටත් ආරක්ෂාව ලබා දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතරතුරදී ඔහු මේ අදහස් පළ කළේය.
‘පැලවත්ත කාර්යාලයට ඔබතුමාලගේ ලේකම්තුමාටත් ආරක්ෂාව දෙනවා නම් ඇයි විපක්ෂයේ මන්ත්රීවරුන්ට ආරක්ෂාව දෙන්නේ නැත්තේ. ඔවුන් මහජන නියෝජිතයන්, ආරක්ෂාව කියන්නේ වරප්රසාදයක් නෙමෙයි.
බුද්ධි අංශය අපි ආරක්ෂා කරන්න ඕන. බුද්ධි අංශයේ තොරතුරු රැස්වීම්වල කියන එක සුදුසු නෑ’




